Update: 2019 වසර සඳහා පාසල් දරුවන්ට පොත්පත් සහ ලිපිද්‍රව්‍ය බෙදා දීම

පිංතූරයේ කතාව:
දිනය 2018 සැප්තැම්බර් 19
ස්ථානය: මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යයාල
පිංතුරය ගත්ත තාරක තිසේරගේ වචනයෙන්ම කියනවනම්
“අද.. වකුගඩු ආධාර ගන්න ආපු මාමා කෙනෙක් අපේ කට්ටියටම පිරිත්නූල් ගෙනල්ලා…”

2019 වසරේ නව පාසල් වාරයට අවශ්‍ය පොත් ලබා දීම:

මීට පෙර සටහනේ සඳහන් කළ පරිදි අපි මැදවච්චිය ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට 2019 වසර සඳහා අවශ්‍ය පොත්පත් පෑන් පැන්සල් ලබා දීමට තීරණය කළා. ඒ වගේම මේ කාර්යය සිදු වන්නේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගීත්වයෙන්.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සුදුසුකම් ලැබු දරුවන් 170කගේ තොරතුරු අපට දැන් ලබා දී තියෙනවා. මේ දරුවන් පහත පාසල් වලට අයත් වන අතර, ඔවුන් ග්‍රාම නිළධාරි වසම් 32කට අයත් වේ.  මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාලව  ග්‍රානි වසම් 37 ක් තිබුනද පාසල් යන වයසේ දරුවන් සිටින රෝගීන් සිටින පවුල් සිටින ග්‍රානි වසම් ඇත්තේ මෙපමණකි. වකුගඩු රෝගින් 107ක පමණ ප්‍රමාණයක් අයත් වන පවුල් වල දරුවන්ට මෙලෙස පාසල් පොත්පත් සහ ලිපිද්‍රව්‍ය බෙදා දීමට නියමිතයි. අදාල ප්‍රදේශයේ වකුගඩු ආදාර ලබන පවුල් 1292 කට අයත් වන දරුවන් පිළිබඳ පමණක් මෙහෙදි සැලකිලිමත් විය.

මේ තියෙන්නේ මැදවච්චිය ප්‍රාදේශීල ලේකම් කාර්යාලයෙන් මෙතෙක් එකතු කල දත්ත. දරුවන්ගේ සහ රෝගීන්ගේ පුද්ගලිකත්වය සැලකිල්ලට ගෙන අදාල නම් ඉවත් කර ඇතිබව කරුණාවෙන් සලකන්න.

Akura 2018 – Medawachchiya – Sheet3

දැනට මේ පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් සහ ලිපිද්‍රව්‍ය පමණක් ලබා දීමට අප උත්සාහ කරන බැවින්, මේ දරුවන් 170ක් වෙනුවෙන් පාසල් පොත් බෑගය ලබා දීමට හැකි ආයතනයක් වේ නම් සෘජුව මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය අමතන්න.

අකුර හරහා පොත්පත් ලබා දීමට අනුගහය දැක් වීමට කැමති නම් පහත පෝරමය පිරවූ පසු මුදල් බැරකිරීම සඳහා ගිණුම් අංකය ඔබට  එවීමට අප කටයුතු කරන අතර, ඔබ නිර්නාමිකව සහය දැක්වුවද අප විසින් නිකුත් කරන ඩිජිටල් රිසිට්පත ඔබට ලැබීමට සැලස්වීම සඳහා ඔබේ තොරතුරු ලබා දීම ඉතා අගය කර සලකන්නෙමු.

https://docs.google.com/forms/d/1VkErjBlReOLpzI8KT-A5Zv1xKiIfngwSeT1F-bER3es

මුදල් අකුර ගිණුමට බැර කිරීමෙන් අනතුරුව, එම බැරකිරීම තහවුරු කෙරෙන  බැරපතේ පිටපත් info@akura.org යන  ඊමේල් ලිපිනයට  එවීමට කාරුණික වන්න. ඔබේ මුදල් අකුර ගිණුමට බැරවූ පසු ඩිජිටල් රිසිට්පත නිකුත් කරනු ඇත.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සඳහා:

අකුර:

බන්දුල රණතුංග  0714 315426

මැදවච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය:

ලසන්ත විජේසිංහ  (සංවර්ධන නිලධාරි) 0719255633

තාරක තිසේරා (මුදල් සහකාර)                 0718665002

පොත්පත් සහ ලිපිද්‍රව්‍ය ප්‍රධානය කිරීම 2018 දෙසැම්බර් මස 17 හෝ ඊට පෙර මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේදි සිදු කිරීමට නියමිතයි.

තෝරාගත් සිසුන් අධ්‍යාපනය ලබන පාසල්

  1. පූනෑව විදුහල
  2. කිඩවරන්කුලම විදුහල
  3. ගල්කන්දේගම විදුහල
  4. මඩුකන්ද පිරිවෙන
  5. ඇටඹගස්කඩ විදුහල
  6. ඇටවිරගොල්ලෑව විද්‍යාලය
  7. ධම්මානන්ද විද්‍යාතනය, මඩුකන්ද
  8. අල් මනාරුර් මහා විද්‍යාලය
  9. මුස්ලිම් හල්මිල්ලෑව විද්‍යාලය
  10. මහකෝනගස්කඩ විද්‍යාලය
  11. අල් අස්හා විදුහල
  12. ශ්‍රී සෝභිත විද්‍යාලය, කඩවත්ගම
  13. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
  14. පලුගොල්ලෑව විද්‍යාලය
  15. කඩවත්ගම විදුහල
  16. නිවන්තකචේතිය විද්‍යාලය
  17. මහදිවුල්වැව විදුහල
  18. කඩවත් රඹැව විදුහල
  19. කොන්ගොල්ලෑව විදුහල
  20. පුහුදිවුල විදුහල
  21. ඇතාකඩ විදුහල
  22. මැදවච්චිය මධ්‍ය මහ විද්‍යාලය
  23. කිඩාගල්ලේගම විදුහල
  24. කරපික්කඩ විද්‍යාලය
  25. පුල්එළිය මහ විදුහල
  26. වල්පොල විදුහල
  27. රඹෑව මහ විද්‍යාලය
  28. ප්‍රාථමික විද්‍යාලය, මැදවච්චිය
  29. ස්වර්ණපාලී බාලිකා විද්‍යාලය
  30. අඟුනොච්චිය විද්‍යාලය
  31. මොරගොඩ විද්‍යාලය
  32. ගල්ලෑල්ලේගම විදුහල
  33. කිරිගල්වැව මහා විද්‍යාලය
  34. ළිඳවැව විද්‍යාලය
  35. සෙවනගල විද්‍යාලය
  36. කනදරාව විද්‍යාලය

මෙතෙක් මේ කාර්යට මූල්‍යමය සහ විවිධ අයුරින් දායක වූවන් සහ මැදවච්චිය ප්‍රා.ලේ කාර්යාලයේ එදිනෙදා රාජකාරි කටයුතු අතරේ මෙම කාර්යයට එක් වන සියලුම කාර්යය මණ්ඩලයට අපගේ ස්තුතිය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: