හතරැස්වල විදුහල් පුස්තකාලයට පොත් ලබා දීම

කියවීමේ පිපාසය කියන්නෙ කෙන කෙනාගේ දෘශ්ඨි කෝණය අනුව විවිධාකාරයි. පොතක් කියවන්න, බලන්න, පිටු පෙරළන්න ආසාවක් ඇති නැති හුඟක් අය මේ ලෝකේ ඉන්නව.
මොහොතකට ඔබගේ පුංචි වයසට ගියොත් අඩුම තරමින් පිංතූර පොතක් හරි පෙරලන්න බලන්න ආසයි නේද?
නමුත් ඒ එක්කම ඔබට හිතෙයි දැන් ඉන්න පොඩි ළමයි ඔයාගේ අතේ තියෙන Smart Phone එකට වඩා පිංතූර පොතකට කැමති වෙන එකක් නෑ කියලා.  නෑ එයා ඒ දෙකටම කැමති හැබැයි පොතක් පෙරලද්දී ඇස්වලින් එන කාන්තිය Smart Phone එක ඔබනවට වඩා වෙනස්. ඔබත් උත්සහ කරලා බලන්න ලඟ පාත ඉන්න පොඩි දරුවෙක් සමඟ.
මේ කියන්න යන්නෙත් අකුර කණ්ඩායම වශයෙන් අපිට පසුගිය නොවැම්බර් 9වෙදා දකින්න ලැබුණු එහෙම දීප්තිමත් වුණු ඇස් ටිකක් ගැන.
2018 නොවැම්බර් මස 9 දින පාන්දර අනුරාධපුර හතරැස්වල විදුහලට අපි ගියේ එම විදුහලේ ප්‍රාථමික පන්තිවල දරු දැරියන් සඳහා අවශ්‍ය ව තිබූනු පුස්තකාලයට බොහොම දැඩි පරිශ්‍රමයකින් බොහෝ පිරිසකගේ කැපවීම සහ මහන්සිය මත එකතු කර ගත් කියවීමට සුදුසු පොත්පත් ටික බෙදා දෙන්නයි.
ගොඩනැගිල්ලක් පමණක් ම වී තිබූ පුස්තකාලය තුලට ගොඩ වැදුනු අපි ගෙනාපු පොත් ටික එකන් එක අහුරද්දි ඒ පොත් ගොන්න දැකපු අර ඔබට කලින් සඳහන් කරපු ඒ දීප්තිමත් ඇස් සමූහය එතන හිටපු කාටත් දකින්න ලැබුණා.
මෙය කියවගෙන යන ඔබ පොත් කියවන කෙනෙක් නම් නිකමට හරි මතක් උනාද ඔබ කියවලා ඉවර පැත්තකින් තියපු පොත් කීයක් විතර තියෙනව ද කියල, එහෙමත් නැත්තං ඔබේ දුව පුතා කියවලා ඉවර පොත් පත්. ඔබ දන්නවද ඔබ කියවලා ඉවර පොත් පත් කියවන්න පෙරුම් පුරන ඒකට අවස්ථාවක් නැති කෙනෙක්ට පරිත්‍යාග කරන එක දානයක් දුන්නා හා සමානවම මහත් ඵලයි. ඒ වගේම ඔබ පරිහරණය කරන පොත් පත් ඉතාම හොඳින් පරිහරණය කරලා තවත් එවැනිම වටිනාකම් දන්නා කෙනෙක් ට දෙන්න පුළුවන් නම් ඔබ දැනුම බෙදන්නෙක් වගේම මේ මහ පොළොවේ තවත් ගසකට නිදහසේ වැඩෙන්න ඉඩ සලසලා දෙන පරිසර හිතකාමී සැබෑ මනුෂ්‍යයෙකුත් වෙනවා. අපි මේ බෙදා දීපු පොත් අතරේ සැළකිය යුතු ප්‍රමාණයක් තිබ්බේ එහෙම පරිස්සමට ආදරයෙන් බලා ගත්තු පොත්.
අපි ආපසු එද්දි අරං ආවේ ගොඩනැගිල්ලක් පුස්තකාලයක් බවට පරිවර්ථනය කරපු සතුටටත් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ නොසෑහෙන ස්තූතියටත් එහා ගිය පුංචි දීප්තිමත් ඇස්වලින් ලැබුණු තුති පුර්වකත්වයයි.
අපේ මේ කර්තව්‍යයට පහත නම් සඳහන් හිතවතුන් පරිහරණය කරපු හොඳ මට්ටමේ පොත් එකතු කිරීමෙන් හා මිළදී ගෙන හෝ ලබා දීමට ඔවුන්ගේ ශ්‍රමය ධනය කාලය කැප කලා.
ඒ සැමටම අකුර කණ්ඩායම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
  1. අවිශ්ක රුවන්පතිරණ
  2. මලිති මිත්සරා
  3. යහනි මානවඩු
  4. හිරුණි ජයත්මා
  5. සහන් සුගන්දික
  6. උමන්ද ජයෝබණ්ඩාර
  7. දුලාංජලි කොස්වත්ත
  8. තුල්‍යා ද සිල්වා
  9. දීපානි ජයන්තා
  10. ප්‍රදීප් හේරත්
  11. රංදික රාජපක්‍ෂ

ඔබට යම් අවස්ථාවකදි ප්‍රාථමික දරුවන්ට ගැලපෙන පොත් ලැයිස්තුවක් අවශ්‍ය නම් පහතින් දක්වා ඇති අප ලබා දුන් පොත් ලැයිස්තුව භාවිත කළ හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: