අලුත් මුහුණු අලුත් බලාපොරොත්තු සමඟින් අකුරටත් අවුරුදු – 2018

 

අප්‍රේල් මාසයේ දී වැඩියෙන්ම සංතෝශයෙන් ඉන්නේ කවුද කියලා ඇහුවොත් ඒ තමයි  “ළමයි “, ඒකට හේතුව පළමු වාර අවසන් කෙටි නිවාඩුව ලැබෙන එක විතරක්ම නෙමේ, සිංහල-දමිළ අලුත් අවුරුද්දත් යෙදිල තියෙන එකයි. හොඳම දේ ළමයින්ට වගේම සිංහල අලුත් අවුරුද්දත් උදා වෙන්නේ රටේ අනාගතය වන ළමයින්ටමයි කියලයි අපි හිතන්නේ.

මීට වසර දෙකකට පෙර අප ආරම්භ කළ ‘අකුර ශිෂ්‍යත්ව වැඩසටහන’ මේ වන විට සිසුන් 25 දෙනෙකු වෙත මාසිකව ලබා දෙන ශිෂ්‍යත්වයක් මඟින් අධ්‍යාපනයට දිරි දීමට හැකියාව ලැබි ඈත. අකුර පවුලට අලුත් අවුරුද්දේ එක්වන වයඹ විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනෙක් ඈතුලු විශ්ව විද්‍යාල සිසුන් සිව් දෙනෙක් සමඟින් විශ්ව විද්‍යාල සිසුන් ගණන 11 දෙනෙක් දක්වා වැඩිවීවේ.

මෙතෙක් මේ සියලු දෙනාටම ලබා දී ඈති මූල්‍යමය සහ උපදේශාත්මකව (mentoring) ලබා දුන් සහාය පිළිබඳව ඔවුන්ගේ අනුග්‍රාහකයින්ට සහ උපදේශකයින්ට අපගේ හදපිරි ස්තුතිය පුද කරමු.

ඔබටත් අනුග්‍රාහකයෙකු ලෙස එක් වීම සඳහා මේ පොරමය පුරවා ඔබේ තොරතුරු අපට දෙන්න පුලුවන්.

මේ දරුවන් ගෙ පවුල් පසුබිම අනුව ඔවුන්ට ලැබෙන ශිෂ්‍යත්වය වෙනස් වෙනව.  උදාහරණයක් ලෙස පළමුවෙන් ශිෂ්‍යත්ව ලැබූ දරුවන් අතරින් ලැබන අවම ශිෂ්‍යත්වය රුපියල් 3000ක්ද උපරිම ශිෂ්‍යත්වය රුපියල් 10,000 ද ලෙස ඒ දරුවන්ගෙ හැකියාවන්, ඔවුන්ගෙ පවුල් පසුබිම සහ අනුග්‍රාහකයින්ගෙ එකඟතාවය මත තීරණය විය.

මීට අමතරව මෙරට වන ආවරණය අඩුවීමත්  දරුවන් පරිසිරයට ආදරය කරන පිරිසක් ලෙස සමාජගත කිරීමට ඈති අවශ්‍යතාවයත් නිසා අප මේ වන විට තවත් ව්‍යාපෘතියක් බද්දේගම වැයිහේන කණිෂඨ විද්‍යායේ පළමු වර දරුවන් සමඟින් දියත් කිරීමට නියමිතයි. මෙමඟින් 1වසර දරුවන් සියලු දෙනාගේම අධ්‍යාපනයට ඉදිරියේදි අප අනුග්‍රාහය දක්වන අතර ඒ වෙනුත් දරුවන් අප විසින් ලබා දෙන පැල වසර කිහිපයක් නඩත්තු කිරීමේ වගකීම බාර ගැණීමට නියමිතයි.

පසුගිය 2018 අප්‍රේල් 6 වන දින වැයිහේන කණිෂ්ඨ විදුහලේ පරිපාලනය සහ දෙමාපියන් සමඟ අප මේ ගැන මූලික අධියරේ කරුණු පැහැදිලි කිරීමකින් පසුව ඔවුන්ගේ සහය ලබා දීමට සියලු දෙනා එකඟ විය.

දරුවන් යැපුම් මානසිකත්වයෙන් තොරව ඔවුන් පරිසරයට කරන මෙහෙය වෙනුවෙන් ලබන දිරියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ අකුර පවුලට අලුතින් එක්වන සිසුන් ගණන 31ක් වේ.

 

එහෙනම් , උදා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබටත් ඔබ පවුලේ සැමටත්,  රටේ අනාගතය බාරගන්න ඉන්න පුංචි දරුවන්ටත් සතුට ගේන වසරක් වේවා කියලා අකුරෙ අපි ප්‍රාර්ථනා කරනවා!

 

වැයිහේන කණිෂ්ඨ විදුහල් පරිශ්‍රයේ දසුන් කිහිපයක් පහතින් දක්වා ඈත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: