අකුරු සංක්‍රමණයට අප සූදානම් . . ඔබ ?

ජීවිතයේ හමුවන අභියෝගයන්ට නොබියව මුහුණ දිය හැකි ගුණ ණැන නිපුණතාවයෙන් යුතු, නොසැලෙන අධිෂ්ඨානයෙන් හා නිදහස් චින්තනයෙන් පිරි සමබර පෞරුෂයකින් හෙබි ක්‍රියාශීලි ශ්‍රී ලාංකිකයෙකු බිහි කිරීම වනාහි තත්කාලීන සමාජ මොහොතට සාපේක්ෂව අභියෝගයක් වුවද, එයට මුහුණ දීමට හා එකී අභියෝගය භාර ගැනීමට අපි සූදානමින් සිටිමු.

දැනුමෙන් සන්නද්ධ පරිසර හිතකාමී දෘෂ්ටියකින් හෙබි දරුවෙකු තැනීම වෙනුවෙන් ” අකුර ” සමූහයේ අපි මේ දැනුවත් කිරීම කරනුයේ ඉතා බලාපොරොත්තු සහගතව ය. ළමුන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා උපකාරයක් මෙන් ම සහයක් ලබා දීම අපගේ මුඛ්‍ය පරමාර්ථය වන අතර, සොබාදහමට අනුගත අප ජීවත් වන ලෝකයට ආදරය කිරීමේ මානව හිතවාදී ගුණයෙන් යුත් දරුවෙකු සමාජයට බිහි කිරීම මෙහි ව්‍යංග අරමුණ යි. එකී ක්‍රියාවලියෙහි ප්‍රථම අදියරේදී දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සම්මන්ත්‍රණ සහ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සිදු කිරීමටත්, දරුවන් අතින් ම තෝරාගත් වෘක්ෂ පාසැල් වටපිටාවේ රෝපණය කිරීමටත් දරුවන්ට තම ගෙවවතේ ඉඩ තිබෙ පරිදි කොස් සහ පොල් පැල ලබා දීමත් අපි බලාපොරොත්තු වෙමු.

අධ්‍යාපන කටයුතු සඳහා ආර්ථික අපහසුතා පැවතීම, විෂයානුබද්ධ හා විෂය බාහිර ක්‍රියාකාරකම්, පවුල් පසුබිමින් දරුවාගේ අධ්‍යාපනයට ලැබෙන රුකුළ යන සාධක සිසු දරුවන් මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීමේදී සලකා බැලෙන කාරණා වේ.  එක් පාසලක  ඉලක්කගත ශිෂ්‍ය සංඛ්‍යාව 30-50 ත් අතර ගනණකි.  ඉදිරියේ දී එම  ශිෂ්‍ය ප්‍රජාවගේ වර්ධනයක් සිදු කිරීමට ද අපි බලාපොරොත්තු වෙමු. කොළඹ, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක අපගේ ප්‍රථම අදියරේ ඉලක්කගත පාසල් ය. එකී දිස්ත්‍රික්කයන්ට අයිති අඩු පහසුකම්ලාභී  පාසල් වේ නම් පහත අංකවලට දැනුම් දෙන ලෙස කාරුණික ව ඉල්ලා සිටිමු.

මෙම කාර්ය සඳහා ඔබට හෝ ඔබේ ආයතනයට ද දායක වීමේ හැකියාව ඇත .

බන්දුල පුෂ්පකුමාර 0718-029166

බන්දුල රණතුංග 0714-315426

රන්දික රාජපක්‍ෂ 0716-487234

ස්තූතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: