බාධක මැද අකුරු කරනට පිය මනින මල් කැකුළු

සැඩ සුළං මහ වැසි ද වැටුණී
ගැලූ ගං දිය ඇත නිමාවී
අකුරු කරනට සිටිය වෙහෙසී
සිහින දහසක් ගිය ද බොඳවී…

දිනෙක මතු දා යෙහෙන් වැජඹී
සිප් හැදෑරූ එ සිත් දුකිනී
එ දුක නිවනට සැවොම එක්වී
මහා පවුරක් විලස බැඳුණී…

යලිත් පෙර සේ තුටින් සැරසී
පාසලට පිය මනින ලෙසිනී
තැවෙන සිත් සැනසුමට සුසැදී
” අකුර ” ආවා පමා නොම වී….

මැයි මස ඇති වූ ජල ගැල්ම සහ නාය යාම් නිසා පසුගිය දිනවල ගොඩක් දූ දරුවන් අසරණ වුනා.සමහර අයගේ පොතපත වගේම පාසල් නිළ ඇදුම් සහ සපත්තු පවා අහිමි වුනා.

දරුවන්ට සටහන් පොත් සොයා දෙන්න අපි සූදානම් වුනත්, බෝහෝ දෙනෙක් ඒ සඳහා තම වටිනා කාලය, ශ්‍රමය සහ මුදල් යෙදවීමට කාරුණික වූ නිසා,
අකුර අපි හැකි අයුරින් පාසල් දරුවන්ගේ අත්‍යවශ්‍යම අවශ්‍යතාවයක් වූ පාසල් නිළ ඇදුම් සහ ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතා සඳහා අවධානය යොමු කළා.
ඔබ දැන් හිතාවි ඇයි රජයෙන් නිළ ඇදුම් දෙද්දි අකුරත් ඒ දේම කරන්න ගියේ කියලා.
ඇත්තටම කිසිදු අවස්ථාක පාසල් දරුවන්ට නිළ ඇදුමේ අංගයක් වන සපත්තු සහ මේස් වගේම, නිළ ඇදුමේ අංගයක් නොවුනත් සෞඛ්‍යය අතින් ප්‍රධාන වන යට ඇදුම් රජයෙන් ලබා දෙන්නෙ නැහැ.

පළමු උත්සාහය:

අපි බියගම මධ්‍ය මහා විදුහලේ අඟහරුවාදා දිනයේ පාට ඇදුම් ඇදගෙන ආව සියලුම දරුවන් විදුහල්පති තුමාගේ අවසරය ඇතිව ගුරුවරු සහ දෙමාපියන් කිහිප දෙනෙක් සමඟින් දරුවන් 63 දෙනෙක් බස්රථයකින්ම කිරිබත්ගොඩ තිලකවර්ධන ආයතනයට එක් කරගෙන ආව. සෙනසුරාදම තිලකවර්ධන ආයතනය සමඟ අපි කරන්න යන වැඩේ ගැන කතා බහ කරල තිබුනෙ. ඒනිසා දැනගත්ත ඔවුන් ළඟ අවශ්‍ය තරම් පාසල් දරුවන්ට සපත්තු නැති බව. මේ සඳහා DI ආයතනය අපි තෝරගත්ත.

අපි මෙහෙම කලේ පාසල් දරුවන්ගේ ආරක්ෂාවටත්, එ්වගේම අවශ්‍යතාවය ඇති දරුවන්ට අවශ්‍ය සුදුසුම දේ දෙන්න ඕන නිසා. එ්වගේම දහසක් ප්‍රශ්න වලට මැදි වුන දෙමාපියන්ට අපි වවුචර් එකක් දීලා ආයෙ කඩවල් ගානේ රස්තියාදු කරන්නවත්, දරුවන් මේ වගේ අවස්ථාවක තනිව කඩවල් වලට යවන්නවත් අපි කැමති වුනේ නැ.

දරුවන්ට අවශ්‍ය දෑ ඔවුන්ට සරිලන ලෙස ෆිටොන් රූම් එකකට ගිහින් ඇදලා බලලා ගත්තට පස්සේ අපි කලේ සම්පුර්ණ බිල්පත ගෙවීම පමණයි.
එවගේම අපි ත්‍යාග ප්‍රධාන උත්සව වගේ දරුවන්ව ඉදිරියට ගෙනල්ලා ඔවුන්ට අවශ්‍ය දේ දෙන්න අපි සුදානම් වුනේ නැ. මොකද දරුවන්ගේ පෞර්ෂත්වයට එය ගැටළුවක් විය හැකි නිසා. ඒ දරුවනුත් පාසලේ ඉගෙනුම ලබන අනිත් දරුවන් වගේමයි. එකම වෙනස ගෙදර ජල ගැල්මට හසු වීම මිසක් හැකියාව හෝ නොහැකියාව නොවේ.

මේ දරුවන් එදා යළිත් පාසලට ගියේ අලුත් නිළ ඇදුම් ඇදගෙන. එවගේම යළිත් බස්රථයට ගොඩ වුනු ඔවුන්ට බිස්කට් සහ සිසිල් බීම වලින් පොඩි සංග්‍රහයක්ද ලැබුණා.
“කෝ ඉතින් සිදුවක් වත් කියන්නෙ නැද්ද?” කියල ඇහුවම එකවරම එක් සිසුවියක් ඇගෙ මිතුරියන්ගෙන් ඇහුවේ “එහෙනම් අපි සුදු පරවි රෑන සේ.. කියමු ද” කියල.
ඇත්තටම අපිට සැලසුම් කළ ලෙසම ඔවුන්ට එය කෙටි විනෝද චාරිකාවක් වුණා මිසක ආධාර ගැණීමට පෙළගැහීමක් වුනේ නැහැ.

දෙවන උත්සාහය:

යළිත් අපි සිකුරාදා දිනයේදී දේශමාන්‍ය එච්.කේ ධර්මදාස විදුහලේ දරුවන්ට අවශ්‍ය දෑ ලබා දීමට හැකියාව ලැබුණා. සිසුන් 407 දෙනෙක් පාසලේ සිට ඉවතට රැගෙන යාම ප්‍රායෝගික ගැටලුවක් වුනා. එමෙන්ම, විදුහල්පතිනියගේ උපදෙස් අනුව ඔවුන්ට ඒ වන විට අවශ්‍යව තිබුනේ යට ඇදුම් පමණි. එනිසා අපි පාසලින් එදින උදැසන ලබා දුන් ලැයිස්තුවට අනුව අවශ්‍ය දැ මිළදි ගෙන යළිත් පාසලට බාර දුන් අතර පාසලින් අදාල බඩු බාරගත් බවට ලිපියක් අපවෙත ලබා දුනි.

ඉතින් අපේ අත්දැකීම මෙහෙම ඔබ සමඟ බෙදාගත්තෙ, අපේ රටට සිදු වන අවසාන ස්වභාවික විපත මෙය යයි අපි ප්‍රාර්ථනා කළද, ඉදිරියේදි ඇතිවන මෙවන් විපතකදි යම් සංවිධානාත්මක ලෙස කටයුතු කිරීමට ඔබටත් අකුරෙන් දෙයක් ගත හැකි යැයි විශ්වාස කරන නිසා.

හිත මිතුරන් 23 දෙනෙකුගේ කාරුණික මූල්‍ය සහයෙන් සහ බියගම මධ්‍ය මහා විද්‍යාලයේ සහ පෑලියගොඩ දේශමාන්‍ය එච්.කේ ධර්මදාස විදුහලේ විදුහල්පතිවරු සහ ගුරුමණ්ඩලයේ සහයෙන් අප සතියක් (2016 මැයි 28 දින සිට 2016 ජුනි 3 වන දක්වා) තුළ පාසල් දරුවන් 470 දෙදෙනෙක්ට උදව් කළා. මේ සඳහා අපට රුපියල් 294,148.20 මුදලක් වැය වූ අතර, රුපියල් 255,370.00 මුදලක් එකතු විය. මුල්‍ය දායකත්වය රුපියල් 1000.00 සිට 100,000.00 දක්වා පරාසයක විය (අප ප්‍රතිපත්තියක් ලෙස මුදල් ලබා දුන් සියලුම දෙනාගේ නම් සඳහන් කලත් ලබා දුන් මුදලේ අගය ප්‍රසිද්ධියේ දක්වා සිටින්නේ නැත). මුල්‍ය දායකත්වය ලබා දුන් සියලු දෙනාටම අප මේ වන විටත් රිසිට්පත් නිකුත් කර ඇත.

මුල්‍ය දායකත්වය ලබා දුන් හිතවතුන්:

  1. යජිත් මයා සහ ජනනි මිය
  2. නවීන් රණවීර මයා
  3. පුබුදු හේරත් මිය
  4. කල්ප වැලිවිටිගොඩ මයා
  5. නිපුල් ගුණසේකර මයා
  6. නදීත් ලංසකාර මයා
  7. ලසිත් චතුරංග මයා
  8. මාධව තිලකරත්න මයා
  9. අන්ටන් මයා සහ මහේෂා මිය
  10. ලක්‍ෂාන් පෙරේරා මයා
  11. ජීවන් සූරියාරච්චි මයා
  12. ශ්‍රීමාල් ජයවර්ධන මයා
  13. ජයනී සුලෝචනා මිය
  14. ආනන්ද වැලිකල මයා
  15. යසිත් ප්‍රනාන්දු මයා
  16. රංජිත් ජයමහ මයා
  17. උදේනි වරුෂවිතාන මිය
  18. නාරද තෝමස් මයා
  19. චමීර මීගහවත්ත මයා
  20. සුභාෂ් ගුණවර්ධණ මයා
  21. ප්‍රියංකර පෙරේරා මයා
  22. හර්ෂණ වීරසිංහ මයා
  23. ඩනිෂ්ක නවීන් මයා

 

13340407_10209867862442934_2045593490_o

13288696_10209845666848058_1564444805_o-1දාලම බලමුකො

 

13321247_10209845665328020_522357418_o-2මේක මට ගැලපෙනව ද?

 

13340434_10209845661727930_1965051650_o-3බිල් ගෙවනකන්…

 

13288499_10209845655047763_1510108134_oයලිත් පාසල වෙත…

 

13340383_10209845655247768_758808851_o

 

13288672_10209845650847658_192268685_o-4

ගුරුවරුන් සමග යළි ආරක්සිතව පාසල කරා… සිසිල් බිම සහ බිස්කට් තියෙන්නෙ මේ

මේ වැඩ සටහන සඳහා නන් අයුරින් සහය දුන් මුදල් පරිත්‍යාග කල හිත මිතුරන්, විදුහල්පති වරුන්, ලක්ෂ්මන් තිලකරත්න ඇතුළු සියළු ගුරු භවතුන් ඇතුළු සියළුදෙනාටම අපගේ හදපිරි ස්තූතිය ෙමයින් පුද කරන්නෙමු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: