වෙසක් මහේ අකුර අනුරපුරට

277857_10151077845567867_37767885_o

අකුර ශිෂ්‍යත්ව වැඩසටහනේ තවත් පියවරක් තබමින් අනුරාධපුර දියණියන් දෙදෙනෙකුගේ අධ්‍යාපනයට සවියක් වීම පසුගිය මැයි මාසයේ සිට ඇරඹුණි. අවාසනාවකට මෙන් මේ දියණිවරුන් දෙදෙනාගේම පියා මෙලොව හැර ගොස් සිටින අතර ඉන් එක් දියණියක් ගණිතය අංශයෙන් උසස් පෙළ හදාරයි.

අනෙක් දියණිය 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්න අතර ඇය දරුවන් තිදෙනෙකු පාසල් යන පවුලක බාලම දරුවා වේ. දැනටමත් ඇගේ වැඩිමහල් සොයුරා අ.පො.ස (සා.පෙළ) ට සූදානම් විය යුතුවුවත් සති අන්තයේ පොලේ වෙළදාම් කිරීමට පටන් ගෙන ඇත.

ඉහතින් දරුවන් ගෙවන කටුක ජීවිතය ගැන කෙටි විස්තරක් සඳහන් කළේ, ඔබත් රට තොට ගැවසෙන විට මෙවැනි දරුවන් මුන ගැසේ නම් අපට දැන්වීමට උනන්දු කර වීමට සහ ඔබටත් මෙ වැනි දරුවකුගෙ දිවියට අධ්‍යාපනයෙන් සවියක්, උණුසුමක් දීමට හැකි නම් අප හා එක් වන ලෙස ඇරයුම් කිරීමටයි.

එන්න, අපි ඔවුන්ගේ දිගු ගමනට සවියක් වෙමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: