අකුර උපදේශන වැඩසටහන | Akura Mentor Program

2017 නව වසරේ මොරවැව පාසල් දරුවන් සඳහා අර්ථ ශාස්ත්‍රීය ප්‍රායෝගික වැඩසටහන, මහදිවුල්වැව පාසලේ

 

අකුර ශිෂ්‍යත්ව ලබන දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අකුර උපදේශන වැඩසටහනට (Akura Mentor Program) එක් කර තිබෙනවා.  මේ වැඩසටහන 2016  වසරේදි ඇරඹිමේදි පළමු උපදේශිකාව වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධිය සඳහා ඉගෙන ගන්නා තරුණියක් අනුරාධපුරයේ උසස් පෙළ කරන සිසුවිියක් හට තම වටිනා කාලය උපදේශනය සඳහා වෙන් කිරීමත් සමඟයි. ඊමේල් හරහා පමණක් ඔවුන්ගේ සංනිවේදනය සිදු වූ අතර 2017 වසරේදි අදාල පාසල් සිසුවියගේ ඉල්ලීම වුයේ මෙම වැඩසටහන විවෘත (අකුර ශිෂ්‍යත්ව නොලබන දරුවන්ට එක් විය හැකි) වැඩසටහනක් ලෙස පවත් වන ලෙසයි.

ඉතින් මේ උත්සාහය 2019 වසරේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස අකුර ශිෂ්‍යත්ව නොලබන දරුවන් සඳහා මෙම ව්‍යාපෘතිය දිගු කිරීමටයි.  මෙම කාර්යය සඳහා විවිධ ක්‍ෂේත්‍රවල සිටින පිරිසක් සිය වටිනා කාලය කැපකරමින් දායකත්වය දැක් වීමට ඉදිරිපත්ව ඇත.

 

මොකක්ද මේ Mentor Program එක? ඇයි ඒක අවශ්‍ය?

සරළව මේ කරන්නේ ඉගෙන ගන්න දරුවෙක්ට උපදේශනයට අත්දැකීම් සහිත කෙනෙක් සොයා දීමයි. මුදල් මඟින් දරුවන්ගේ අධ්‍යාපනයට යම් දිරිමත් කිරීමක් කළ හැකි වුවත් ඊටත් වඩා වැඩි බලපෑමක් මෙමඟින් කළ හැක. මේ හරහා දැණුම සහ අත්දැකීම් මෙන්ම, පුද්ගල සාර්ථකත්වය සඳහා අවශ්‍ය සහයත් අදාල සිසුවාට උපදේශකයා වෙතින් ලබා ගන්නට පුළුවන්. මේ  සියල්ලෙන් අප බලාපොරොත්තුවන්නේ යහපත් පුරවැසියෙකු සමාජගත කිරීමටයි.

ග්‍රාම නිළධාරි ලිපි අවශ්‍ය ද?

නැ, ඔබ පාසලක හෝ උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන බව තහවුරු කිරීම පමණක් අවශ්‍ය වේ.

 

මම මුදල් ගෙවන්න අවශ්‍ය ද?

නැ, මේ සේවාව නොමිලේ ලබා දෙන ප්‍රජා මූලික ව්‍යාපෘතියකි.

 

මේකට සම්බන්ද වෙන්නේ කව්ද? මොන වගේ ක්‍ෂේත්‍ර වල අයද?

දැනට මේ සඳහා පළමු උපාධියේ විවිධ උසස් අධ්‍යාපන මට්ටම් වල, වෘත්තිය මට්ටම්වල සම්පත් දායකයින් එක් වී ඇත. උපාධි අපේක්‍ෂිත සිසුවා ගේ සිට ආචාර්ය උපාධිය තෙක් පරාසයක උපදේශකයින් ඇත.

 

පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අයට පුලුවන්ද?

ඔව්

 

මම මේ උපදේශනය සඳහා කොළඹ එන්න අවශ්‍ය ද?

නැ, ඔබට ඊමේල් හරහා හෝ දුරකතනය මඟින් ඔබේ උපදේශකයා සමඟ කලින් හදුනාගත් පහසු කාල රාමුවක් තුළ සන්නීවේදනය කළ හැක.

 

මගේ ටියුට් එක කරගන්න පුලුවන්ද?

බැ! මේ හරහා සිදුවන්නේ උපදේශනයක් පමණයි! 🙂

 

සිසුන් කී දෙනෙක් තෝරගන්නව ද?

මූලික අදියරේදි අවම වශයෙන් දස දෙනෙක් තෝරගන්නා අතර, ඒ සඳහා පළවන වසරේ හෝ විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇති සිසුන් වෙත වැඩි ප්‍රමුඛත්වයක් හිමිවිය හැක.

 

ඇයි මෙහෙම දෙයක් කරන්නේ?

අපේ අරමුණ රටට වැඩ දායි පුද්ගලයින්, නව නිර්මාණ කරුවන් බිහි කිරීමට අත්වැලක් වීමයි.

 

මේ සේවය වෙනුවෙන් මා කළ යුත්තේ කුමක් ද?

ඔබත් යම් දවසක තවත් අයෙක්ට අත දෙන්න.

 

මගේ පුද්ගලික තොරතුරු අකුර ව්‍යාපෘතිය මඟින් වෙබ් අවකාශයට හෝ සමාජ මාධ්‍යයට එක් කරයි ද?

නැත.

 

මොන වගේ ක්‍ෂේත්‍රවල අයද උපදේශනයට ඉන්නේ?

  1. Computing, Web/Internet, e-Learning, Digital Media
  2. Information Security, Networking, Cloud Computing
  3. Soft Skills, Personal Development
  4. Management and Leadership development
  5. Project and Program Management
  6. Social Entrepreneurship and Technology
  7. Computer Vision, Deep Learning
  8. Software Engineering
  9. IoT, Open Hardware
  10. Civil Engineering
  11. Coastal Engineering
  12. Climate change
  13. Occupational Safety, SD modeling, Structural Equation Modeling
  14. Computer Science, Mathematics, Physics
  15. Cell Biology, Reproductive Biology
  16. Zoology, Biology
  17. Government, eGoverment, Policy, Agriculture, Management
  18. Gender Discrimination , Gender Based Violence , FTZ women workers
  19. Mass Communication , Drama, Gender, Leadership and Human rights
  20. Social Forestry
  21. Architecture

මේ වැඩේට මම කොහොමඳ ඉල්ලුම් කරන්නේ?

info@akura.org වෙත ඔබ විසින් සකස් කළ ජීව දත්ත සටහනක් එවන්න. ඔබට ඉගෙන ගන්න අවශ්‍ය මොනවද? ඔබ දැනට ඉගෙන ගන්නේ මොනවද?

ඊට අමතරව ඇයි ඔබව මේ සඳහා සුදුසු වන්නේ කියා පැහැදිලිව සඳහන් කරන්න.

ඔබේ ඊමේල් පණීවිඩයේ මාතෘකාව “Akura Mentor Program 2019” ලෙස සඳහන්න.

 

මමත් කැමති  උපදේශකයෙක්(Mentor) කෙනෙක් විදියට එක් වන්න. කොහොමද එක් වෙන්නේ?

මේ පෝරමය පුරන්න.

https://docs.google.com/forms/d/19Aw28I3U9j855yOydeuy2nN6H1BWf-5gR95JxdcUrPw

 

කලා විශයන් ගැන උපදේශනයට අවස්ථාවක් තිබේ ද?

සිසුන්ට, රටට වටිනාකමක් ඇති ඔබ කැමති ඕනැම විශයක් ගැන උපදේශනයට අවස්ථාවක් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: