කෙන්ගල්ල සිසුන්ට වේදිකා නාට්‍යයක්

රුමේනියානු ජන්ම ලාභී ප්‍රංශ නාට්‍යකරු යූජෙන් ඉයොනෙස්කෝ ලියූ අභූතරූපී ප්‍රතිනාටකය, The Bald Soprano හි සිංහල අනුවර්තනය, තට්ට ගායිකාව “තට්ට ගායිකාව” වසර 13 කට පසු නව නිෂ්පාදනයක් ලෙසින් පසුගිය මාර්තු මස 14 දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ, ඊ.ඔ.ඊ පෙරෙයිරා රඟහලේදි සවස 6.45ට වේදිකාගත විය. එය පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය සහ Theatre of the Melting Clock ඉදිරිපත් කිරීමකි.

252671_10153604042583717_5013443646573607378_n

පාසල් දරුවන්ට සාමාන්‍ය අධ්‍යාපන කටයුතු මෙන්ම කලාව සහ සොබාදහම වැනි අංශ සඳහා යොමු කිරීම අපේ අරමුණු අතර ප්‍රධානවේ. එමනිසා කලාව සහ වේදිකා නාට්‍ය ගැන යම් දැණුමක් අවබෝදයක් ලබා දිමේ අරමුණින්, අකුර අපි කෙන්ගල්ල විද්‍යාලයේ සිසු සිවියන් 34 දෙනෙක්ට සහ ගුරුවරු 6 දෙනෙක්ට මෙම නාට්‍යය නැරඹීමට අවශ්‍ය පහසු කම් ලබා දෙන ලදි.

මීට අමතරව කෙන්ගල්ල මහා විද්‍යාලයේ දරුවන්ට අදාල කලා කරුවන් සමඟ කතා බස් කරන්න සහ වේදිකාවේ පසුතල නිර්මාණය අදිය ගැන දැකබලාගන්න නාට්‍ය දර්ශනයෙන් පසු අවස්තාවක් ලබා දීමට ලොහාන් ගුණවීර ප්‍රමුඛ කලා කරුවන් කරුණික විය.

 

IMG_20160314_171200-1

ඉදිරියේ ක්‍රියාත්මක වන මෙවැනි වැඩසටහන් සඳහා ඔබේ දායකත්වය දැක් වීමට කැමති නම් අපට දන්වන්න.

පහත දැක්වෙන්නෙ පාසලේ සිංහල අංශ ප්‍රධානී තුමිය අප වෙත එවන ලැබූ සටහනකි.

________________________________________________________________________________

 

අකුරට මඟ පෙන්වූ “අකුර” ට මල් මිටක්!

අකුරෙන් අපේ පාසලට ලැබුනේ ලස්සන වරමක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඊ.ඔ.ඊ පෙරෙයිරා රඟහලේදි ඉදිරිපත් කෙරුණු කංචුකා ධර්මසිරිගෙ “තට්ට ගායිකාව” වේදිකා නාට්‍යය නැරඹීමට අපේ දරුවන්ට නොමිලේ ලැබුණු අවස්ථාව මිල කළ නොහැකි ත්‍යාගයක්.

වේදිකා නාට්‍යයක සුවඳ සජිවීව විඳ ගන්නටත්, වේදිකා නාට්‍ය නළු නිළියන්ගෙ කුසලතා හදුනා ගැනීමටත්, අපේ පුංචි මල් කැකුළු ටිකට ඉඩ ලැබුණා. නාට්‍යය නරඹන අතරතුර කෝලයෙන් හාස්‍යයෙන් කුතුහලයෙන් පිරුණු අපේ දරුවන්ගෙ මුහුණු, සිනාසී රතුව ගිස දෑස්, දෙස අපි බලාගෙන හිටියෙ හරිම සෙනෙහෙකින්.

නොමිලේ ලැබුන ප්‍රවාහන පහසුකම්, නාට්‍ය ප්‍රවේශපත්, දරුවන් රැගෙන ගියේ නැවුම් අද්දැකීමකට බව නොරහසක්. ඒ වෙනුවෙන් වත්තේගම කෙන්ගල්ල මහා විද්‍යාලයේ දරු දැරියන්ගෙ, ඇදුරු මඩුල්ලෙ, විදුහල්පති තුමන්ගෙ ගෞරවනීය ප්‍රණාමය, හදපිරි සතුට “අකුර” වෙත නිර්ලෝභිව පිරිනමමු. මෙවන් සද් කාර්යයන් කිරීමට “අකුර” ට තව තවතත් හැකි වෙවා! යි පතමු.

 

අචලා විශ්වනාථ,
සිංහල අංශ ප්‍රධානී
කෙන්ගල්ල මහා විද්‍යාලය,
කෙන්ගල්ල

 

තට්ට ගායිකාව නාට්‍යයේ අවස්තා කිහිපයක්….

10553852_10153604042023717_4917399051524711255_o

11221468_10153604041703717_903914207226120657_n

10264177_10153604042073717_8119054619032791712_o

11063721_10153604042263717_1707612127004169207_o

1910336_10153604041823717_3009426109070712051_n

12829128_10153604042638717_6514122080984183966_o

12814201_10153604041738717_7403144365790266684_n

12832358_10153604041728717_4452615234536530716_n

10620120_10153604041573717_8929582325257964355_o

අධ්‍යක්ෂණය: කංචුකා ධර්මසිරිගේ
පරිවර්තනය: කංචුකා ධර්මසිරි සහ ලොහාන් ගුණවීර
නළුනිළි පිරිස: ධනුෂ්ක ගුණතිලක, සඳමිණි රන්වලගේ, සමීර හේවගේ, චතුරිකා සචින්තනී, විදුමිණ ඉහළගෙදර සහ මධුෂානි චන්ද්‍රසේකර
ඡායාරූප: අනුරාධ රත්නවීර

info@akura.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: