අකුරටත් අවුරුදු
අප්‍රේල් මාසයේ දී වැඩියෙන්ම සංතෝශයෙන් ඉන්නේ කවුද කියලා ඇහුවොත් ඒ තමයි “ළමයි “, ඒකට හේතුව පළමු වාර අවසන් කෙටි නිවාඩුව ලැබෙන එක විතරක්ම නෙමේ, සිංහල-දමිළ අලුත් අවුරුද්දත් යෙදිල තියෙන එකයි. හොඳම දේ ළමයින්ට වගේම සිංහල අලුත් අවුරුද්දත් උදා වෙන්නේ රටේ අනාගතය වන ළමයින්ටමයි කියලයි මට නම් හිතෙන්නේ.
දෙමාපිය වැඩිහිටියන් අවුරුද්දට සතුටු වෙන්නේ තමන්ගේ දූ දරු මුණුබුරු මිණීබිරියන් සතුටු වෙනවා දැකලා. අකුරටත් මේ අලුත් අවුරුද්ද ගෙනාවේ ලොකු සතුටක් ඒකට හේතුව තමයි සිංහල අලුත් අවුරුද්ද වෙනදට වඩා සතුටින් සමරන්න අකුරෙ සමාජික සාමාජිකාවන් හවුල් වුන එක.
ඉතින් , ඔබටත් පුළුවන් ඒ සතුටෙ උරුමකරුවෙක් උරුමකාරියක් වීමට ඒ සඳහා මේ පොරමය පුරවා ඔබේ තොරතුරු අපට දෙන්න. උදව් දෙන්න සුදුසු දරුවෙක් අප තෝරාගත් විගස ඔබට දන්වන්නම්. සමහරවිට මාස ගණනක් ගත වෙන්න පුලුවන් ඇත්තටම උදව් අවශ්‍ය දරුවෙක් තොරගන්න. එතෙක් ඔබ කිසිදු වියදමක් දරන්න අවශ්‍ය නැ. මීට අමතරව ඊමේල් danishka@akura.org හෝ දුරකථනය හරහා හර්ෂණ (0716811256) හෝ කල්ප (0711427577) අමතා අවශ්‍ය තොරතුරු දැනගත හැකිය.
දැනට අකුර හරහා උදව් ලබන දරුවන් හය වසර සිට උසස් පෙළ දක්වා වයස් කණ්ඩාවලට අයත් වන අතර නොබෝ දිනකින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් ද එක් වීමට නියමිතයි.
එහෙනම් , උදා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබටත් ඔබ පවුලේ සැමටත්, රටේ අනාගතය බාරගන්න ඉන්න පුංචි දරුවන්ටත් සතුට ගේන වසරක් වේවා කියලා අකුරෙ අපි ප්‍රාර්ථනා කරනවා.