ඊට්ටිකුලම දරුවන්ගෙ ඉගෙනුමට සවියක්

අවුරුද්දෙ ගෙවෙන හැම දවසකටම කවුරු හරි අයිතිකාරයෙක් හෝ අයිතිකාරියක් ඉන්නවා. කොටින්ම කියනව නම් වසරේ දින තුන්සිය හැටත් පහ මදි මේ දේවල් සමරන්න. ඔය මොන දිනේ ආවත් අමතක කරන්නම බැරි දිනයක් තමා “ලෝක ළමා දිනය” කියන්නේ. අපේ ළමා කාලය කියන්නෙ අපි කාටත් අමතක කරන්න බැරි දෙයක්. ඒ වගේම ළමයා කියන්නෙත් අමතක කරල දාන්න බැරි අපූරු ජිවීයෙක්.

ඒ බව හොඳටම දැනුන වෙලාවක් තමා මුළු ලෝකයම සසල කරපු පුංචි සිරියානු කොලු පැටියෙක් මුළු ලෝකයම සසල කරමින් වෙරළ සිප ගෙන මිය ගිහින් හිටපු ඡායාරූපය. මුළු ලොවක් සසල කරන්න , ගල් වගේ හදවත් පවා කතා කරවන්න ඒ මියගිය දරුවට පුලුවන් වුනා. දරුවන් කියන්නේ ඒ තරම් හැඟීමක් මිනිස් සිත් සතන් වල‍ පහළ කරන්න සමත් කොට්ඨාශයක්.

12011458_953586514710791_1931423105_o

‘අකුර’ කියන්නෙ ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ලබන වයසෙ දරුවන්ට උදව් කිරීමේ මූලික පරමාර්ථයෙන් ආරම්භ කරපු ස්වේච්ඡා සංවිධානයක්. දුෂ්කර පළාත් වල අපි නොහිතන තරම් කටුක දිවියක් ගෙවමින් අධ්‍යාපනය ලබන්න පෙරුම් පුරන දරුවන්ට අත්වැළක් වෙන්නයි අපේ සූදානම.

අකුරට වැඩ ගොඩක් කරන්න තියෙනවා.ඒ අතරේ ළඟම එන “ළමා දිනය “ වෙනුවෙන් ආරම්භයක් විදිහට අනුරාධපුර පැත්තෙ පුංචි පාසලක දරුවන්ට උදව් කරන්න අපි හිතුවා.

විල්පත්තුවට මායිම් වුනු අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයිති, ඊට්ටිකුලම  ප්‍රාථමික විද්‍යාලය තමා ඒ පාසල. එම පාසලේ දරුවන්ට , පොත් පත්, පාසල් බෑග් සහ වතුර බෝතල් ආදි දේ දෙන්නයි අපි හිතාගෙන ඉන්නේ. එවගේම දරුවන් 6 දෙනෙක් පමණ නිවසේදි අධ්‍යයන කටයුතු කරන්නේ බිම වැතිරී බැවින්, අධ්‍යාපන කටයුතු කරන්න සුදුසු ලී මේසයක් සහ ප්ලාස්ටික් පුටුවක් දීමටත් තීරණය කළා.

ඉතින් , ඔයාලත් කැමැති නම් මේ දරුවන්ට උදව් කරන්න , අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.

පාසලෙන් දුන්න පොත් ලැයිස්තුවට අපි තව අපතර පොත් කිහිපයකුත් එකතු කරල දෙන් අදහස් කළා. මේ පොත් අපිට වට්ටමක් යටතේ ලබා ගැනීමටත් අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ අනුව ඔක්කම පොත් වලට යන්නේ රුපියල් 20, 358.00යි. මේ පාසලේ ඉන්නේ ළමයි 12 දෙනයි. ඒ ඒ පන්තිවල අවශ්‍යතා අනුව එක එක ළමයෙක්ට යන වියදම වෙනස් වෙනවා. ඒත් දළ වශයෙන් ගත්තොත් 1,700.00 ක් විතර වෙනවා. පාසැල් බෑග්වල මිල මෙයට එක් වෙලා නෑ. බෑග් එක ගානේ දෙන්න අදහසකුත් තියෙනවා.

Estimated budget

අර ගෙදරදී අධ්‍යාපනයේ යෙදෙන්න පහසුකම් නැති දරුවන් 6 දෙනාට පරිත්‍යාග කිරීමට නියමිත මේස පුටු කට්ටලයේ මේසක් රුපියල් 3500.00 ද පුටුව රුපියල් 985.00 (දම්රෝ BIG 122) වෙනවා. මෙවැනි කට්ටල 6ක් ඒ දරුවන් 6 දෙනාට පරිත්‍යාග කිරීමට නියමිතයි.

මීට අමතරව ප්‍රාථමික දරුවන්ගෙ අධ්‍යාපනයට, නිර්මාණශීලි බව වඩවන්න, පරිසරය ගැන ඉගෙනගන්න, සහයෝගයෙන් වැඩ කරන්න ඉගෙන ගන්න හැකි අධ්‍යාපනික පොත් හෝ වෙනත් උපකාරක මෙවලම් තියේ නම් පරිත්‍යාග කළ හැකියි.

ප්‍රාථමික දරුවන්ගෙ අධයාපනයට සුදුසු කතා පොත් මෙන්ම ශිෂ්‍යත්ව විභාගයට උපකාරිවන පොත්පත් ඇත් නම් ලබා දිය හැකියි.

ඔබත් අපිත් සමග එක් වෙන්න කැමතිනම් සැප්තැම්බර් මස 29 දිනට  පෙර ඔබේ ආධාර අප වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ මූල්‍යමය දායකත්වය පහත දැක්වෙන ගිණුමට මුදල් තැන්පත් කර ඔබේ දායකත්වය පිළිබඳ අපව දැණුවත් කරන්න. (‘අකුර’ සඳහා තවම නිළ වශයෙන් ගිණුමක් නැති බැවින් හර්ෂණ වීරසිංහ පුද්ගලික ගිණුම මෙම කාර්යය සඳහා භාවිත කරනවා)  මෙම කාර්යය සම්පූර්ණ විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා ඔබේ තොරතුරු අපිට ඉතා වැදගත්. මුදල් ලැබුනෙ කාගෙන්ද යන්න අප දැන සිටිය යුතු වේ. ඒ නිසා බැංකුවට මුදල් තැන්පත් කළ රිසිට් පත හෝ අන්තර්ජාලය හරහා මුදල් එවිමෙදි අදාල තොරතුරු හුවමාරුව තහවුරු කිරීම info@akura.org වෙත ලබා දෙන්න.

ගිණුම් අංකය: ඉවත් කරන ලදි.

ගිණුම් හිමියාගෙ නම: W M M H වීරසිංහ

බැංකුව: සම්පත් බැංකුව

ශාඛාව: මූලස්ථාන ශාඛාව

SWIFTCODE: BSAMLKLX

මෙම පරිත්‍යාගය ඔක්තෝම්බර් මස පළමු දිනට යෙදෙන ළමා දිනයේදි මේ දරුවන්ට ලබා දීමට බලාපොරොත්තු වන්නෙමු.

තවත් තොරතුරු අවශ්‍යනම් හර්ෂණ වීරසිංහ (0716811256) හෝ බන්දුල රණතුංග (0714315426) අමතන්න.

අප සමඟ සම්බන්ධ නොවුවත් මෙරට සිටින ඔනෑම පෙදෙසක, නව පාසල් වාරයේදි උදව් අවශ්‍ය දරුවකුට ඔබේ දායකත්වය ලබා දීමට ඔබේ මිතුරන් දැණුවත් කරන මෙන්ද කාරුණික ඉල්ලා සිටිමු.

ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: