මූල ද්‍රව්‍ය පෙන්වන විවිධ ඔක්සිකරණ අංක

හයිඩ්රජන් ලොව සරළතම මූල ද්රව්යයයි. ජලය සහ වෙනත් ජෛව රසායන සංයෝග සෑදීමට හයිඩ්රජන්වල දායකත්වය අතිමහත්, ඉතාමත් දැඩි ලෙස අවතක්සේරු කර ඇති හයිඩ්රජන්හි භූමිකාව තවමත් කවුරුවත් සුවිශේෂිව අධ්යයනය කරලා තියෙනවාද කියා සැකයක් මතු වනවා. පරමාණුවක් ලෙස ගත්තොත් හයිඩ්රජන් හරිම සරළ ප්රෝටෝන එකක් සහ ඉලෙක්ට්රෝණ එකක් ඇති ඒකකයක්, නමුත් එය අන් පරමාණු හා බන්ධනය වී ඇති විට එය වෙනම චරිතයක්. උදාහරණයක් ලෙස ගත්තොත් ෆෝමික් අම්ලය හෝ ඇසිටික් අම්ලය (විනාකිරි) ගත් විට එහි ආම්ලික ගතිය ලැබෙන්නේ හයිඩ්රජන් පරමාණුවේ ඉලෙක්ට්රෝණය අහිමි වීමෙන් ලැබෙන ප්රෝටෝනයෙන්. එය සිදු වන්නේ අම්ලය ජලයේ ද්රාව්ය වූ විට සිදුවන සමතුලිතතාවය හරහා. ඒ දෙකම දුර්වල අම්ල. නමුත් ඒ හයිඩ්රජන් ම ෆ්ලුවොරීන් සමග බන්ධනය වී හැදෙන හයිඩ්රොෆ්ලුවොරික් අම්ලය තනුක අවස්රථාවක දුබල අම්ලයක්. නමුත් සාන්ද්ර ස්රාවණයක් ප්රබල ආම්ලික ලක්ෂණ පෙන්වනවා. අපේ ඇටමිදුළු වලට පවා යන්න පුළුවන් ඛාදනයක් සිදු වනවා. එතනදී සිදු වන්නේ ප්රබල බයිෆ්ලුවොරයිඩ්ර අණු සෑදෙන නිසා. එහි අම්ල ක්රියාකාරීත්වය ලැබෙන්නෙ HF අණු තුනක් පහත ආකාරයේ සමතුලිතතාවයක පැවතීම නිසා ඇති වන ජලීය ද්රාවණයේ ආම්ලික තාවය වැඩි වීම නිසා
3 HF ⇌ H2F+ + HF^−2
ඉතින් මේ ආකාරයට හයිඩ්රජන් වලට විවිධාකාර චරිත රඟපාන්න පුළුවනි.
හයිඩ්රජන් ඔක්සිකරණ අංක තුනක ජීවත් වනවා. ප්රෝටෝන – H+, හයිඩ්රජන් H, සහ හයිඩ්රයිඩ් අයන H- ලෙසින්. H+ කියන්නේ සියල්ල අහිමි වූ හයිඩ්රජන්. තමා සතු එකම ඉලෙක්ට්රෝණය කවුරුන් විසින් හෝ ඩැහැගෙන, එසේත් නැතිනම් කාට හරි කැමැත්තෙන්ම දීපු හයිඩ්රජන් තමයි H+ එතකොට එයා හරි ප්රචණ්ඩ වෙන්න පුළුවනි. H කියන්නේ බොහොම සාමකාමීව සහජීවනයෙන් ඉලෙක්ට්රෝණය බෙදාගෙන, නිතැනම් තනිවම ඉන්න හයිඩ්රජන්. H- කියන්නේ අනුන්ගේ ඉලෙක්ට්රෝණයක් අරගෙන සංතෘප්ත වෙච්ච හයිඩ්රජන්, නමුත් මෙයා මේ ඉලෙක්ට්රෝණය අනුන්ට දීලා ඔවුන් උදාසීන කරන්න හරි ඔවුන්ගේ බලය (ඔක්සිකරණ අංකය) අඩු කරන්න කටයුතු කරන නිසා දැඩි ඔක්සිහාරකයක් කියලත් කියනවා.
මේ වගේම වෙනත් සමහර මූලද්රව්ය විවිධාකාර ඔක්සිකරණ අංක දරනවා. නයිට්රජන්ට ඔක්සිකරණ අංක පහක් තියෙනවා. -3, -2, -1, 0, +1, +3 වශයෙන්. නයිට්රජන් ඒ ඒ සංයෝගය තුළ රඟපාන චරිතය ඒ ඒ ඔක්සිකරණ අංකයට අනුව වෙනස් වනවා. නමුත් මේ එකම නයිට්රජන් තමයි විවිධ චරිත රඟපාන්නේ.
මැංගනීස් ඔක්සිකරණ අංක හතක් (0 ත් සමග )හිමි මූලද්රව්යයක් – හරියට විල්සන් ගුණරත්න වගේ
KMnO4 එහෙමත් නිතැනම් කොන්ඩිස් කැට කියන්නේ ප්රබල ඔක්සිකාරකයක්, නමුත් MnO2 කියන්නේ බොහොම සාමකාමී මැංගනීස් ඔක්සයිඩ්.. එකිනෙකට වෙනස්ම චරිත දෙකක්.. නමුත් එකම මූලද්රව්යය.
ඉතිං මේ පරමාණු අණු සංයෝග වලින් හැදිච්ච අපිත් විවිධ අවස්ථාවල විවිධ චරිත රඟපානවා. ගෙදර දරුවන්ට පියෙකු, මවක වන ඔබ, බිරිඳ සැමියා ඉදිරියේ ආදරණීය සහකරු/සහකාරියක්. ඔබේ දෙමව්පියන්ට ආදරණීය දරුවෙක්, කාර්යාලයට කාර්යක්ෂම හිතවත් සගයෙක් නායකයෙක් සමාජයට හිතවත්/අහිතවත් පුරවැසියෙක්. මිතුරු මිතුරියන්ට අපූර්වතම මිතුරෙක්/මිතුරියක්… ඒ අපි රඟපාන විවිධ චරිත. නමුත් මේ චරිත පටලවාගන්න හොඳ නෑ… ස්වාමියා භාර්යාවට ඇති ආදරණීය බව කාර්යාලයේ කාටහරි පෙන්වනවා නම් එතන වෙන්නෙ විනාසයක්. කාර්යාලයේ ක්රමාණුකූල, ප්රතිඵල ලබා ගැනීමට ඇති නැඹුරුව දරුවන්ට පෙන්වනවා නම් එතන වෙන්නේ දරුවන් හා ඇති සම්බන්ධය බිඳ වැටීමක්, මිතුරු මිතුරියන් හා දක්වන වගකීම් රහිත විහිළු ආදිය දෙමාපියන්ට දක්වන්න ගියොත් කොස්සකින් තමයි කන්න වෙන්නෙ…
ඉතිං අපි ඕනෑ තරම් දැකලා තියෙනවා සමාජයේ තමන් තමන්ට හිමි චරිත රඟපාන්න යන්නෙ නැතිව වැරදි චරිත රඟපාලා අනාගත්ත අය…
ඉතිං මේ වගේමයි අපි විවිධ අවස්ථාවල විවිධ රසායනික ප්රතික්රියාවලට යොදන ප්රතිකාරක වුනත් මිශ්ර කර ගන්න හොඳ නෑ,. අම්ලයක් දාන්න ඕන තැනකට භෂ්මයක් දැම්මට එතන ප්රතික්රියාවක් සිදු වන්නේ නෑ.. ඒ වගේම හැම ප්රතික්රියාවටම රසායනාගාරයේ ඇති එකම අම්ලය දැම්මා කියලා හැම ප්රතික්රියාවම එකම විදියට සිදු වන්නෙත් නෑ, ඒ නිසා ඒ ඒ ප්රතික්රියා වලට ඒ ඒ සංයෝග යෙදිය යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: