අකුර 2015: පළමු වැඩසටහනේ ගිණුම් තොරතුරු

2015 ඔක්තෝම්බර් මස 1 වන දින ඊට්ටකුලම ප්‍රාථමික පාසලේ දරුවන් පොත්පත් සහ මේස පුටු ලබා දීමට අප කටයුතු කළා. මෙම කාර්යයේදි ඊට්ටිකුල පාසල අපට හදුන්වා දීම සහ එම කටයුතු පාසල සමඟ සම්බන්ධීකරණය කරමින් කුලරත්න රාජපක්ෂ මහතාත්, පාසල් රාජකාරියට අදාල නොවුනත් පාසලේ දරුවන් 6 දෙනෙක්ට ලබා දුන් ලී මේස අප වෙනුවෙන් අදාල ප්‍රදේශයේ වඩුමඩවකින් සාදවා, නිසි ලෙස වර්ණ ගන්වා පාසල වෙත ගෙනත් දුන් විදුහල්පති විමල් මහින්දරත්න මහතාත් මෙම කාර්යයට දායක විය.

මෙම කාර්යය ආරම්භයේදීම තම අත්දැකීම් අප හා බෙදාගනිමින් උපදෙස් දුන් තනෝජා රාජපක්ෂ මහත්මියත්, බන්දුල රණතුංග මහතා සහ රුවන් පුෂ්පික මහතාත් පොත් ලැයිස්තු ලබා සකසා ගැණීමට දායක විය.

අප ඊට්ටිකුලම පාසලට පොත් ලබා දීමේදි ඉතා හොඳ වට්ටමක් ලබා ගැණීමට උදව් දුන් චන්දන මුණසිංහ මහතාත් දුන් දායකත්වය ඉතා වටිනව.

ඉන් අනතුරව, පවිත්‍රී ද සිල්වා ගුරුතුමියගෙ තොරතුරු මත, තිස්සමහාරාම ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකුටද අප පාසල් පොත් ලබා දීමට කටයුතු කළා. ඉන් එක් සිසුවියකගෙ පියා ජීවතුන් අතර නොමැත, අනෙක් සිසුවියගෙ පියා අංශබාග රෝගයෙන් ගිලන්ව ඇත. මොරටුවේ සිට අදාල පොත් පත් මොරටුවේ සිට තිස්සමහාරාමයට ප්‍රවාහණය කරදුන් දසුන් සමීර සහ ඔහුගෙ පවුලේ අයටත් අප ස්තුති වන්ත වන්නෙමු.

DSC_3544

අපිට මූල්‍යමය, දව්‍යමය ලෙස සහ අදහස් වලින්ද දායක වූ ඔබ සැමට එක ලෙස ස්තුති වන්ත වන අතර, අදාල වියදම් සහ මූල්‍ය සහ ද්‍රව්‍යමය අදාර පිළිබඳ තොරතුරු පහත වාර්ථාවේ අඩංගු වේ.  අකුර සමඟ එක් නොවුවද ඔබේ ගමේ, නගරයේ සිටින උදව් අවශ්‍ය දරුවන්ට මීළඟ පාසල් වාරය සඳහා හැකි අයුරින් අවශ්‍ය පොත්පත් ලබා දීමට දායක වන ලෙසත් ඒ සඳහා ඔබේ හිත මිතුරන් දිරිමත් කරන ලෙසත් ඔබෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ගිණුම් තොරතුරු:  Akura2015-BudgetReport-IttikulamaSchool-and-Tissamaharama-Projects

ස්තුතියි!

ඩනිෂ්ක නවින්/ හර්ෂණ වීරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: